ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි ගනියි


 ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද අලුයම 05.30ට පමණ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම ගින්න හටගෙන ඇති බවය.

ගිනි නිවන සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ගින්න මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාකරමින් පවතින බවත් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි තුනක් පිලී පැනීමෙන් ඇතිවූ ඉන්ධන කාන්දුවෙන් පසුව මෙම ගින්න හට ගෙන ඇති බවය. 


Derana news 

✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post