කාර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී 05 ක් රෝහල් ගත කෙරේ


 තණමල්විල මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර   පොලිස් බල ප්‍රදේශයට අයත් තණමල්විල රණවරණාව ප්‍රදේශයේ දී කාර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලැබූ එකම පවුලේ හතර දෙනෙකු ඇතුලු පස් දෙනෙකු ප්‍රතිකාර සදහා අද  (12) රෝහල් ගතකල බව ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.

තුවාල කරුවන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වයේ සිටි කාර් රථයේ සිටි එකම පවුලේ සිවු දෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.

මාතර දෙස සිට තණමල්විල දෙසට පැමිනි කාර් රථයක් හා තණමල්විල දෙස සිට මාතර දෙසට ගමන් කරමි තිබූ වෑන් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාර් රථයේ සිටි පිරිස මාතර පදිංචි  එකම පවුලේ පිරිසක් වන අතර ඔවුන් මාතර සිට බණ්ඩාරවෙල යමින් සිටියදී අනතුරට මුහුණ පා තිබේ.

අනතුරට පත් වෑන් රථයේ  රියදුරු තණමල්විල රණවර්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන  සිදු කරයි.



✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post