තරුණයින් 11ක් අතුරුදන්.. හිටපු නාවික හමුදාපති වසන්තට එරෙහි පෙත්සමක් විභාගයට.!


 තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම්කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන් තරුණයින්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) අවසර ලබා දුන්නේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දුන් අතර අනතුරුව මෙම අභියාචනා පෙත්සම එළඹෙන ජනවාරි මස (30) වනදා විභාගයට ගැනීමට අධිකරණය විසින් දින නියම කරනු ලැබීය.



✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post