නාමල් වසන්ත කැලේ.. රවීගේ වත්කම් අහසටත් උසේ.!


 අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම විසින් පසුගියදා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් හෙළිදරව් කිරීමත් සමඟ ප්‍රථමයෙන්ම ආන්ඩුවේ ඇමති වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් පිළිබඳ සමාජය තුල විවිද කතා බස් ඇති විය.

පසුව වසන්ත සමරසිංහ සතු වත්කම් පරයමින් නාමල් රාජපක්ෂ මහතා සතු වත්කම් පිළිබඳ අනාවරණය වීමත් සමඟ මාතාව වූයේ නාමල් රාජපක්ෂ සතු වත්කම් පිළිබඳවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශය නිකුත්වී ඇති අතර ඒ අනුව ඔහු සතු ගණනය කළ හැකි වත්කම් ප්‍රමාණය රුපියල් 191,851,495 කට අධිකයි.

ඔහු සහ ඔහුගේ පවුලේ අය සතුව අක්කර 6කට අධික ඉඩම් 17ක් පවතින අතර, ඒවායෙහි වටිනාකම රුපියල් 130,000,000කට කට අධිකයි.

මීට අමතරව රුපියල් 21,500,000කට අධික ස්වර්ණාභරණ සහ අත්ඔරලෝසුද ඔහු සතුව පවතිනවා.

රුපියල් 13,000,000ක් වටිනා මර්සිඩිස් බෙන්ස් මෝටර් රථයක් සහ රුපියල් 17,600,000ක් වටිනා වොක්ස්වැගන් මෝටර් රථයක් රවී කරුණානායකට හිමියි.

එමෙන්ම ඔහු මෙරට ප්‍රධාන පෙළේ සමාගම් දෙකක කොටස් 30,801ක් ද මිලට ගෙන ඇති බව වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර එහි වටිනාකම දක්වා නැහැ.

ඔහු සහ ඔහුගේ පවුලට සමාගම් 16ක කොටස් අයිතීන් පවතින අතර ඒවායෙහි ද නිශ්චිත වටිනාකම් දක්වා නැහැ.

මීට අමතරව ඔහු සහ ඔහුගේ පවුලේ ඉතුරුම්, ජංගම සහ බද්ධ ගිණුම්වල රුපියල් 9,751,495ක මුදලක් තැන්පත් කර ඇති අතර, තවත් ගිණුම් 2ක අමෙරිකානු ඩොලර් 15,064ක් සහ බ්‍රිතාන්‍ය පවුම් 141ක් තැන්පත් කර තිබෙනවා.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post