නව අධ්‍යාපන සංශෝධනයෙන් ළමුන්ට දඬුවම් දෙන්නම බැරිද?


 දරුවන් වදහිංසනයට පැමිණවීම පිළිබඳව පනත, පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. දරුවන්ට වැඩිහිටියන්ගෙන් සිදුවන හිංසන සහ පීඩන අවම කර ගැනීමේ අරමුණින් එම සංශෝධන සිදුකළ බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.


අදාල සංශෝධනය තුළින් ළමුන්ට දඬුවම් දීම සහ විනය පිළිබඳ ගනු ලබන තීරණවලට කිසිදු ගැටලුවක් ඇති නොවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එහෙත් ළමුන්ගේ විනය පවත්වාගෙන යාමේදී ශාරීරික වඳහිංසා ලබාදීම සමාජය තුළ කථිකාවට ලක්විය යුතු ගැටලුවක් වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.


ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනක එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළා.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post