චීනය සිය යුද ශක්තිය ලොවට පෙන්වයි (VIDEO)


 ටියැන්මන් චතුරශ්‍රයේ චීනයේ හමුදා පෙළපාළිය ආරම්භ වූයේ ආචාර වෙඩි මුරයකින්.

එහිදී දෙවන ලෝක යුද්ධයේදී ජපානයට එරෙහිව චීනය ජයග්‍රහණය කර වසර 80 ක් සනිටුහන් කරමින් 80 වතාවක් වෙඩි තබා තිබෙනවා.

පෙළපාළිය නැරඹීමට චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ ලෝක නායකයින් 26 දෙනෙකු එක් වූණා.

ව්ලැඩිමීර් පුටින් සහ කිම් ජොන් උන් ද ඊට එකව සිටීම විශේෂයි.

දැවැන්ත හමුදා පෙළපාළියකදී චීනය එළිදැක්වූ නව ආයුධ අතර ලේසර් අවි, න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල සහ යෝධ දිය යට ඩ්‍රෝන යානා ද වීම එරට ‍යුද ශක්තිය ලොවට කළ ප්‍රදර්ශනයක්.

ජනාධිපති ෂී ජින්පින් උත්සවයට පෙර කළ කතාවකදී තම රට “නැවැත්විය නොහැකි” බවත් හිරිහැර කරන්නන්ගෙන් “කිසි විටෙකත් බිය ගැන්විය නොහැකි” බවත් පැවසීම මෙම යුද ශක්තිය පෙන්වීමට පූර්විකාවක් බදු වුණා.

ෂී ජින්පින් , පුටින් සහ කිම් ජොන් උන් එක්ව හමුවූ පළමු අවස්ථාව මෙයයි.




Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post